Skip to main content

Posts

Showing posts from December, 2019

Electronics Standards

අද කතාව ඉලෙක්ට්‍රොනික්ස් standards ගැන. මට මේක ලියන්න හිතුවෙ ලගදි උවමනාවකට TRCSL එකට යන්න උනා ඒකෙදි මගේ device එකක standards ප්‍රශ්නයක් ආවා ඒක නිසා මට සිද්දවුනා ඒ ගැන හොයන්න ඒ හොයපු දේවල් තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතපු නිසා ලියන්න හිතුනා. සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන හැම ඉලෙක්ට්‍රොනික් devices එකකටම මේ standards තියෙනවා ඒවා local standards වගේම global standards වලටත් යටත්ව තමයි ඒ ඒ රටවල පාවිච්චි කරන්නේ.අද මම මේ කතා කරන්න හදන්නේ අපිට වැදගත් වෙන global standards කිහිපයක් ගැන The UL Listing Standard ඔය උඩින් පෙන්නලා තියෙන මාර්ක් එක අපි කවුරුත් දැකලා තියෙන සාමාන්‍ය එකක් මේක ගොඩක් දකින්න ලැබෙන්නේ computer equipments වල electric heaters , ෆියුස් , electrical panel board , smoke හරි carbon monoxide detectors , ගිනි නිවන උපකරණ වල වගේම ජීවීත ආරක්ශක ජැකට් හා සමහර වීදුරු වර්ග වල. මේක මාර්ක් එක තියෙන උපකරණ UL safety standards ෆලෝ කරනවා. ඇත්තටම මේ standard එකේදී ගොඩක් ලොකු ප්‍රමාණයක product area එකක් කවර් වෙලා තියෙන නිසා ඉස්සෙල්ලා කියපු දේවල් වල තියෙන්නෙ අපිට නිතර හම්බවෙන electronic