Skip to main content

Electronics Standards

අද කතාව ඉලෙක්ට්‍රොනික්ස් standards ගැන. මට මේක ලියන්න හිතුවෙ ලගදි උවමනාවකට TRCSL එකට යන්න උනා ඒකෙදි මගේ device එකක standards ප්‍රශ්නයක් ආවා ඒක නිසා මට සිද්දවුනා ඒ ගැන හොයන්න ඒ හොයපු දේවල් තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතපු නිසා ලියන්න හිතුනා. සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන හැම ඉලෙක්ට්‍රොනික් devices එකකටම මේ standards තියෙනවා ඒවා local standards වගේම global standards වලටත් යටත්ව තමයි ඒ ඒ රටවල පාවිච්චි කරන්නේ.අද මම මේ කතා කරන්න හදන්නේ අපිට වැදගත් වෙන global standards කිහිපයක් ගැන

The UL Listing Standard


ඔය උඩින් පෙන්නලා තියෙන මාර්ක් එක අපි කවුරුත් දැකලා තියෙන සාමාන්‍ය එකක් මේක ගොඩක් දකින්න ලැබෙන්නේ computer equipments වල electric heaters , ෆියුස් , electrical panel board , smoke හරි carbon monoxide detectors , ගිනි නිවන උපකරණ වල වගේම ජීවීත ආරක්ශක ජැකට් හා සමහර වීදුරු වර්ග වල. මේක මාර්ක් එක තියෙන උපකරණ UL safety standards ෆලෝ කරනවා. ඇත්තටම මේ standard එකේදී ගොඩක් ලොකු ප්‍රමාණයක product area එකක් කවර් වෙලා තියෙන නිසා ඉස්සෙල්ලා කියපු දේවල් වල තියෙන්නෙ අපිට නිතර හම්බවෙන electronic devices ටිකක් විතරයි.  මේ UL standards එකේ තියෙන ඒවා ගැන ගොඩක් දැන ගන්න ඔනී නම් පහල තියෙන link එක click කරලා වැඩි විස්තර දැන ගන්න පුලුවන්

UL Standards

The CE Standard


මේකත් අපිට ගොඩාක් දැකලා පුරුදු සංකේතයක් මොකද ගොඩාක් විදුලි උපකරණ වල මේ මාර්ක් එක ගහලා තියෙන නිසා. CE කියන්නේ යුරෝපිය කලාපයේ රටවල්වල පාවිච්චි කරන standards නිසා යුරෝපිය රටවලටවල් වෙනුවෙන් නිෂ්පාදනය කරන සියලුම භාණ්ඩ මේ කියන standards follow කරන්න ඕනි ඒවගේම CE certified product යුරෝපිය කලාපයේ පාරිභෝකියන්ගේ හා වැඩකරන ස්ථානවල සෞඛ්‍යය, ආරක්ෂාව වගේම පාරිසරික සම්බන්දව තියෙන රෙගුලාසි අනුගමනය කල යුතුවෙනවා. මේ CE standards එක යම්තාක් දුරට අපේ රටේත් ක්‍රියාත්මක වෙනවා උදාහරණයක් විදිහට TRCSL එක follow කරන්නේ CE standard Radio Equipment Directive එක නිසා මේ සම්බන්දව පොඩ්ඩක් දැනගෙන ඉන්න එක වටිනවා 



The FC Standard



ඇත්තටම මේ FCC කියන්නෙත් CE වගේම වැදගත් standard එකක් හැබැයි මේක ඉදිරිපත් කරලා තින්නේ ඇමරිකාවේ Federal Communications Commission එකෙන්. සාමාන්‍යයෙන් radio, television, wire, satellite and cable වැනි දෑ සදහා මේ අය regulation හා standards ඉදිරිපත් කරනවා. මම දන්නා විදිහට අපේ රට තුල FCC වලට අදාලව මොකුත් ක්‍රියාත්මක වෙන්නේ නෑ 


මීට අමතරව ගොඩාක් standards තිබ්බට අද මම කතා කරේ අපිට වැදගත් වෙන කීපයක් පමණි 















 


Comments

Popular posts from this blog

Installing Check Point Client(NSX) in Ubuntu 18.04 LTS

Installing Check Point Client(NSX) in  Ubuntu 18.04 LTS Hiii all today I'm going to describe how to install Check Point VPN Client on your UNIX machine. As of build 800007075 Checkpoint no longer support using the Native Client on the command line. This prevents scripting logins, and also requires a heavy desktop when we were able to survive with a headless server. Access is still possible, but only via the “SSL Network Extender“. This is a major pain as it requires X server, Oracle Java, and the FireFox browser to run. Chrome gives this helpful message on the Java website: Before installing we need to check the prerequisites of the NSX. Ubuntu 18.0 Let's open Ubuntu terminal and run below commands. sudo su  apt-get install libnss3-tools apt-get install xterm apt-get update apt-get install libstdc++5:i386 libpam0g:i386 libx11-6:i386 apt install default-jre             apt install openjdk-11-jre-headless apt...

MS SQL Recovery Pending Fix(සිංහල)

අද මම කියන්න යන්නේ SQL Server එකේ අපි කාටත් මූන පාන්න වෙන ගැටලුවක් ඒ තමයි Recovery Pending State එක. මේ issue එක fix කරන්න කලින් SQL Database status මොනාද Recovery pending  ඇතිවෙන්න හේතු මොනාද කියලාබලමු SQL Database States  😀Online - DB එක ප්‍රශ්නයක් නැතුව   accessible  පුළුවන් state එකක් තමයි මේ. 😟 Suspect - මේ කියන state එකනම් අවුලක් තියෙනවා මේ state එකේ තියෙනවා කියන්නෙ DB එක fail වෙන්න තියෙන ඉඩ වැඩියි ඒකට හේතුව තමයි transaction logs damage වෙලා තියෙන එක ඒ නිසා DB එකට recovery හරි transaction rollback එකට යන්න බැරුව suspect වෙලා තියෙනවා  🙁 Recovery Pending - මේ state එකේදී SQL Server එක දන්නවා recovery එකක් ඔනී කියලා නමුත් ඒක start කරන්න තියෙන නොහැකියාව නිසා තමයි DB එක මේ state එකට යන්නේ.හැබැයි මේ අවස්ථාව suspect අවස්ථාවම නෙවෙයි මොකද මෙතනදි recovery එක fail වෙලා නෑ මේක start කරගන්න බැරි කමක් තියෙන්නේ  Recovery Pending වෙන්න ගොඩක් හේතු බලපානවා ඒවගෙන් ප්‍රදාන දේවල් ටිකක් මම කියන්නම් 1) DB එක හරියාකාරව shutdown වෙලා නෑ ...

Automation පොඩ්ඩක්

Automation ගැන පොඩ්ඩක් කියන්න හිතුනා මොකද අද මට පුලුවන් උනා ඉංදියාවේ ගොඩක් Telico වල තියෙන  Automation platform එකේ CEO ව හම්බවෙන්න. මීට කලිනුත් මට ඒවගේ automation සම්බන්ද සිස්ටම් එකක් උන oneview එකේ ඩෙමෝ එකකට සහභාගි වෙන...